Friday, May 17, 2024

General line - 0115112241

සංචාරකයින්ගෙන් වැඩි මුදලක් මෙරටට ලබාගන්න විශේෂ වැඩපිළිවෙලක්




පරිසර හිතකාමී සංචාරක කර්මාන්තයට වැඩි අවධානයක් යොමු කරමින් වැඩි මුදලක් වියදම් කරන විදෙස් සංචාරකයින් කුඩා කණ්ඩායම් ලෙස මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එහි අධ්‍යක්ෂ උපාලි රත්නායක පැවසුවේ සංචාරකයින් මෙතෙක් ගමන් නොකළ ප්‍රදේශ වෙත රැගෙන යාමෙන් එහි ප්‍රතිලාභයද එම ප්‍රදේශවල ජනතාවට හිමිවන බවයි.   

සැප්තැම්බර් මස විදෙස් සංචාරකයින් 47,000ක් සහ ඔක්තෝබර් මාසයේ 56,000කට අධික සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ඒ අනුව මෙම මාසය තුළ පැමිණෙන සංචාරකයින් ප්‍රමාණයද ඉහළ යා හැකි බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ උපාලි රත්නායක වැඩිදුරටත් සදහන් කළා.