Friday, May 17, 2024

General line - 0115112241

ආයුර්වේද ඖෂධත් හිඟ වෙයි




ආනයනික ආයුර්වේද ඖෂධවලද හිගයක් පවතින බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති වෛද්‍ය පී හේවාගමගේ පැවසුවේ ආයුර්වේද ඖෂධ වට්ටෝරුවලට අයත් ඖෂධ 130කට ආසන්න ප්‍රමාණයක් ඉන්දියාව, පකිස්ථානය ඇතුළු රටවල් කිහිපයකින් ආනයනය කරන බවයි. එහෙත් පවතින ආර්ථික අර්බුද හමුවේ ප්‍රමාණවත් පරිදි එම ඖෂධ ආනයනය කිරීමට නොහැකි වීමෙන් රෝහල් ආශ්‍රිතව මෙම ඖෂධ හිගය නිර්මාණය වී ඇතැයි  වෛද්‍ය පී හේවාගමගේ පැවසුවා.

රෝහල්වල පවතින ඖෂධ හිගය හමුවේ ජනතාව දේශීය ප්‍රතිකාර සදහා යොමුවීම හේතුවෙන් ආයුර්වේද රෝහල් වෙත පැමිණෙන ජනතාවගේ වැඩිවීමක්ද දක්නට ලැබෙන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

එවන් පසුබිමක් තුළ ආනයනික ආයුර්වේද ඖෂධවල මිල ගණන් ඉහළ යාම හමුවේ ආයුර්වේද රෝහල්වලටද බලපෑම් එල්ලවන බවයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පී හේවාගමගේ වැඩිදුරටත් සදහන් කළේ.