Wednesday, April 24, 2024

General line - 0115112241

රුසියාව නිසා ඉරානයට චෝදනා රැසක්




යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඉරානය අසත්‍ය පතුරවමින් සිටින බව යුක්රේනය පවසනවා. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි පැවසුවේ රුසියාවට සහය දෙමින් ඉරානය ත්‍රස්තවාදයට සහය දක්වමින් සිටින බවයි.

යුක්රේනය මෙලෙස ඉරානයට චෝදනා නැගුවේ රුසියාවට ඩ්‍රෝන යානා සැපයූ බවට ඉරානය පළමු වරට පිළිගැනීමෙන් අනතුරුවයි. එහෙත් එලෙස ඩ්‍රෝන යානා සැපයූවේ රුසියාව යුක්රේන ආක්‍රමණය කිරීමට පෙර බව ද  ඉරානය සඳහන් කළා. 

එහෙත් ඉරානයේ ප්‍රකාශයට විරෝධය දක්වන යුක්රේනය පවසන්නේ සිය හමුදාව දිනපතා ඉරාන ඩ්‍රෝන යානා 10 ක් පමණ බිම හෙළන බවයි. ඉරානය තවදුරටත් රුසියාවට සහය පළ කරන්නේ නම් එහි ප්‍රතිපල භයානක විය හැකි බව ද යුක්රේනය පවසා තිබෙනවා.