ව්‍යාජ වෛද්‍යවරුන් අත්අඩංගුවට ගැනීම සඳහා නීති ප්‍රතිපාදන සංශෝධනය කිරීමේ කටයුතු මන්දගාමීව සිදුවන බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කරනවා.
විවිධ අංශ යටතේ එම ව්‍යාජ වෛද්‍යවරුන් රෝගී සත්කාර සේවාවල නිරත වන බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ.
ව්‍යාජ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පැමිණිලි කළ ද ඒ සම්බන්ධයෙන් බලධාරින්ගේ මැදිහත්වීම අවම බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.