2024 ජනාධිපතිවරණයට අදාළ මූලික සංවිධාන කටයුතු සියල්ල මේ වන විට අවසන් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ අදාළ සියලු පාර්ශව කැඳවා සාකච්ඡා කර ඡන්දය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු උපදෙස් මේ වන විට ලබා දී අවසන් බවයි.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැති වුවද වලංගු හැඳුනුම්පතක් ඇත්නම් ඕනෑම ලියාපදිංචි ඡන්ද දායකයෙකුට තමන්ට අදාළ ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ නිරීමට හැකි බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියා.