Wednesday, November 13, 2024

General line - 0115112241

තැපැල් ඡන්දය සාමකාමීව අවසන් වෙයි




2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීමට ලබා දී තිබූ කාලය අද පස්වරු 04න් අවසන් වුණා.

මෙම මස 04, 05 සහ 06 යන දිනවලදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට රාජ්‍ය ආයතනවල සේවකයින්ට අවස්ථාව සලසා තිබූ අතර එම දින තුන තුළදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ ඡන්ද දායකයින්ට සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඊයේ සහ අද යන දින දෙකේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී තිබුණා.

සමස්ථයක් ලෙස තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම නිදහස් හා සාමකාමී පරිසරයක් තුළ සිදුවූ බවයි මැතිවරණ නිරීක්‍ෂකයින් සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා.