ඇමෙරිකාවේ ජනාධිපතිවරණ අපේක්ෂක කමලා හැරිස් සමග තවත් විවාදයකට එක් නොවන බව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
ෆිලඩෙල්ෆියා ප්‍රදේශයේදී ඉකුත්දා පැවති විනාඩි 90ක විවාදයේදී ජනාධිපති අපේක්ෂකයින් දෙදෙනා අතර විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සංවාදයට ලක්වූ බවයි ට්‍රම්ප් පවසන්නේ.
ඒ අනුව තුන්වන විවාදයක අවශ්‍යතාවක් නොමැති බවට ඔහු පවසා ඇතැයි විදෙස් මාධ්‍ය පැවසුවා.
එම විවාදය මිලියන 67යි දශම 1ක් නරඹා තිබෙනවා.
විවාදය සම්බන්ධයෙන් සිදු කරන ලද මත විමසුමකදී අනාවරණ වී ඇත්තේ ජනාධිපතිවරණ අපේක්ෂක කමලා හැරිස් සියයට 53ක ජන්ද ප්‍රතිශතයක්ද ට්‍රම්ප් සියයට 24ක ජන්ද ප්‍රතිශතයක්ද ලබා ගනු ඇති බවටයි.
ලියාපදිංචි ඡන්දදායකයින්ගෙන් සියයට 54ක් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් අතර පැවති විවාදය ප්‍රමාණවත් බව ප්‍රකාශ කර ඇති බවත් තවත් ඡන්දදායකයින්ගෙන් සියයට 46ක් දෙවන විවාදයක් අවශ්‍ය බවත් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ.