නීති විරෝධී මැතිවරණ පක්ෂ කාර්යාල 307ක් පවත්වාගෙන යන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.
ඒ, පැෆ්රල් සංවිධානය විසින් ප්‍රදේශ 84ක් ආවරණ වන පරිදි සිදු කළ සංගණනයකදියි.
මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීම් ප්රචාරක කාර්යාලවල පිහිටුවීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛයේ සඳහන් කරුණුවලට පටහැනිව එම පක්ෂ කාර්යාලය පවත්වාගෙන යන බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ.
ඒ අනුව අදාළ කාර්යාල සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිඛිතව දැනුම් දුන් බවද ඔහු කියා සිටියා.
මේ අතර ජනාධිපතිවරණයට අදාළව සිදුවීම් 1,200කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට වාර්තා වී ඇති බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ.
තමන් වෙත ලැබෙන පැමිණිලි අදාළ අංශ වෙත යොමු කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.