කුමන තරාතිරමක කෙනෙකු වුවත් වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියා මාර්ග ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය කුමන ආකාරයකින් හෝ පලුදු වීමට ඉඩ නොතබන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
රජයේ මාධ්‍ය ප්‍රධානීන් සමඟ අද පෙරවරුවේ පැවති පැවැති සාකච්ඡාවකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.
රට තුළ වැරදි කරන කිසිවෙකු, කිසිම හේතුවකට ආරක්ෂා කිරීමට සිය ආණ්ඩුව සූදානම් නොමැති බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබෙනවා.
රට තුළ පමණක් නොව ආණ්ඩුව තුළ කවර තරාතිරමක කෙනෙක් වුවත් වැරැද්දක් සිදු කළහොත් එයට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමට නොපැකිළෙන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී කියා සිටියේ.
ඒ සම්බන්ධයෙන් ගත හැකි සියලු ක්‍රියා මාර්ග ගත යුතු නිවැරදිම මොහොතේ ගැනීමට දෙවරක් නොසිතන බවද එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළා.