Tuesday, December 31, 2024

General line - 0115112241

ආනයනික සහල් වරායෙන් නිදහස් කරන්න රේගුව ප්‍රමුඛතාව දෙයි




ඉන්දියාවේ සිට රැගෙන ආ ආනයනික සහල් තොග කඩිනමින් වෙළඳපොළට මුදා හැරීමට රේගු අවදානම් කළමනාකරණ, මධ්‍යම භාණ්ඩ පරීක්‍ෂණ, නිවාරණ හා සටහන් කරන යන අංශ ඒකාබද්ධව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. 

සහල් හිඟයට පිළියමක් ලෙස ආනයනය කළ සහල් මෙටි්‍රක් ටොන් 1,900ක් කොළඹ වරායට ගොඩබා තිබෙනවා. 

පසුගිය 10වනදා සිට ඊයේ පස්වරු 05යි 30 දක්වා කාලය තුළ එම සහල් තොගය කොළඹ වරායට ගොඩබා ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ. 

ඒ අනුව මෙම සහල් තොග නිෂ්කාශනය කිරීමේ කටයුතු කඩිනමින් සිදු කෙරෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.