Tuesday, December 31, 2024

General line - 0115112241

කුඹුරු විනාශයෙන් ආර්ථිකයට බිලියන 84ක පාඩුවක්




පසුගිය සමයේ ඇති වූ ආපදා හේතුවෙන් වගා කර ඇති කුඹුරු ඉඩම්වලින් සියයට 15 ක් පමණ විනාශ වී ඇති බව පේරාදේණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා. 

එමඟින් මෙරට ආර්ථිකයට සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 84 ක් වන බවයි ඔහු කියා සිටියේ.


වැව් අමුණු, වාරිමාර්ග ආදිය නිසි පරිදි නඩත්තු කිරීමට රජය කටයුතු කරන්නේ නම් ආපදා තත්ත්වයන්වලදී සිදුවන මෙවැනි හානි අවම කරගත හැකි බවයි මාහාචාර්ය වසන්ත අතුකෝරල මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.