වර්තමානයේ ළමා හතිය වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව වෛද්‍යවරුන් පවසනවා.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ එම තත්ත්වයෙන් දරුවන් බේරා ගැනීම සඳහා නිවාස පරිශ්‍ර පිරිසිදුව තබා ගැනීම වැඩිහිටියන්ගේ වගකීමක් බවයි.
ඊට අමතරව එම දිනවල පැතිර යන තවත් රෝග කිහිපයක් සම්බන්ධයෙන් ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අදහස් පළ කළා.