Wednesday, January 1, 2025

General line - 0115112241

දකුණු කොරියාවේ බිහිසුණු ගුවන් අනතුරින් පුද්ගලයින් 96 දෙනෙකුට දිවි අහිමි වෙයි




දකුණු කොරියාවේ බිහිසුණු ගුවන් අනතුරකින් මේ වන විට පුද්ගලයන් 120 දෙනෙකු මිය ගොස් තිබෙනවා. 

මිය ගිය පිරිස අතර දරුවෙකු ද සිටින බවයි වාර්තා වන්නේ. 

එරට රජය පවසන්නේ මිය ගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවයි.

අනතුරින් පුද්ගලයන් දෙදෙනෙකු මේ වන විට දිවි බේරාගෙන ඇති අතර ඔවුන් අදාළ ගුවන් යානයේ කාර්ය මණ්ඩල නිලධාරීන් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ “ජේජු එයර්” ගුවන් සමාගමට අයත් තායිලන්තයේ බැංකොක් සිට දකුණු කොරියාව දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක්.

 විදෙස් මාධ්‍ය පවසන්නේ ගුවන් යානය මුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වමින් සිටියදී ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවයි.

යානය ගුවන් තොටුපොළේදී අනතුරට ලක්වන විට මගීන් 175 දෙනෙක් සහ කාර්ය මණ්ඩලය නිලධාරීන් 06 දෙනෙක් එහි සිට තිබෙනවා. 

අනතුර හේතුවෙන් ඇති වූ ගින්න මේ වන විට මැඩපවත්වා ඇති අතර අතුරුදන් වුවන් සොයා ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ. 

කෙසේවෙතත් අනතුරට හේතුව මෙතෙක් තහවුරු කර නැහැ. 

එරට රජය පවසා ඇත්තේ කුරුල්ලන් ගැටීම හෝ අයහපත් කාලගුණය අනතුර සඳහා හේතු වුයේද යන්න පිළිබඳ සොයා බලන බවයි.