‘‘වස විස නැති රටක් ’’ ජාතික ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළ රටපුරා කි‍්‍රයාත්මක කරමින් රජය ඉටු කරන්නේ දේශපාලන කාර්යයක් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ රට තුළ නිරෝගී ජනතාවක් ගොඩනැගීමේ වගකීම පෙරදැරි කරමින් එම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන බවයි. ‘‘වස විස නැති රටක්’’ ජාතික ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළ පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ නියෝජිතයින් දැනුවත් කිරීම ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (07) පස්වරුවේ පැවත්වුණා.
එම සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. ලොව බොහෝ රටවල් මේ වන විට වස විස නැති ආහාර නිෂ්පාදනය වෙනුවෙන් යොමු වී ඇති බවයි ජනාධිපති මෛත්‍රීපාල සිිරිසේන මහතා මෙහිදී අවධාරණය කළේ.
මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම කිසිසේත් පහසු කටයුත්තක් නොවන බවද ජනාධිපතිවරයා අවධාරණය කළා. මෙම ජාතික වැඩසටහනේ අරමුණ ඉටු කරගැනීමට අපහසු වී ඇත්තේ බහු ජාතික සමාගම් ගෙන යන දැවැන්ත ප්රචාරක උපක්‍රම හේතුවෙන් බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. මෙම බහු ජාතික සමාගම් ඇතැම් නිලධාරීන් සහ ගොවියන් සිය අරමුණු වෙනුවෙන් විවිධ උපක්‍රම භාවිතා කරගනිමින් යොදා ගන්නා බවත් පැවසුවා.