භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහි නඩුවේ තීන්දුව අද (08) ප්‍රකාශයට පත්කෙරෙනවා.
මෙම නඩුව වසර එකහමාරකට අධික කාලයක් විභාගයට ගැනුණා. ඒ, ශිරාන් ගුණරත්න, පද්මිණී රණවක සහ එම්.සී.බී.එස්. මොරායස් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් විශේෂ මහාධිකරණයකදීයි.
මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අධිකරණය වෙත පැමිණ ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.