චෝදනාවට ලක්ව සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට විදේශ ගමන් බලපත්‍රයක් අලූතින් නිකුත් කර ඇතැයි පාර්ලිමේන්තුවේ දී අද (08) ප්‍රකාශ කෙරුණා.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නලින්ද ජයතිස්ස කියා සිටියේ චෝදනාවට ලක්ව සිටින තැනැත්තෙකුට එලෙස විදේශ ගමන් බලපත්‍රයක් අලූතින් නිකුත් කිරීම ගැටළුකාරී බවයි.
අභ්‍යන්තර කටයුතු අමාත්‍ය එස්. බී. නාවින්න එයට පිළිතුරු ලබාදෙමින් පැවසුවේ උදයංග වීරතුංගට විදෙස් ගමන් බලපත්‍රයක් ලබානොදෙන්නයි අධිකරණ නියෝගයක් නොමැති බැවින් ඔහුට සාමාන්‍ය ගමන් බලපත්‍රයක් නිකුත්කර ඇති බවය.