ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් කල් ඉකුත් වූ රාජ්‍ය තාන්ත‍්‍රික විදෙස් ගමන් බලපත‍්‍රයකින් විදෙස් ගත වීමට උත්සහ කළ බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශට පවරා ඇති නඩුව මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී අද (08) නැවත විභාගයට ගැණුනා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි දී කියා සිටියේ අදාළ චෝදනා සම්බන්ධයෙන් පරිඝණක සාක්ෂි ලබා ගැනීමට තවත් කල් අවශ්‍ය බවයි. ඒ අනුව එම නඩුව ලබන වසරේ පෙබරවාරී මස 2 වනදාට කල් දැමුණා.
නඩු විභාගයෙන් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ කියා සිටියේ පරාජය කෙරුණු බෙදුම්වාදය නැවත හිස ඔසවමින් තිබෙන බවයි. ඉකුත් දිනවල වාර්තා වූ ඇතැම් සිදුවීම්වලින් ඒ බව තහවුරු වන බවද ඔහු කියා සිටියා.