Wednesday, November 13, 2024

General line - 0115112241

කතරගම විහාරාධිපති හිමිනමකට ප්‍රහාරයක්




කතරගම වල්ලි ගුහාව රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය රඹුක්වැල්ලේ සංගානන්ද හිමියන්ට ඊයේ (08) එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඊයේ පස්වරුවේ විහාරස්ථානයට පැමිණි පිරිසක් තියුණු ආයුධවලින් විහාරාධිපති හිමියන්ට පහරදී ඇති බවයි.

තුවාල ලැබූ විහාරාධිපති හිමියන් මේ වනවිට දෙබරවැව රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් උන්වහන්සේ නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් දැක්වුවා.

“පන්සල් වත්තට සවස 3ට පමණ දෙන්නෙක් ඇවිත් මාළු කපන මන්නයක් අරන් මාව කැපුවා. මැරුණයි කියලා තමයි දාලා ගියේ. ඒ වුණාට යන්තම් පණ බේරුණා. මගේ පන්සල් වත්තේ ඉඩම් අල්ලගන්න තමයි මේක කළේ . ඒ වගේම මේකට පොලීසියේ ඕ.අයි.සී මහත්තයා සම්බන්ධයි කෙලින්ම. එයා සම්පූර්ණයෙන් මේක ආවරණය කළා මේ සැකකාරයොත් අත්අඩංගුවට නොගෙන. රතුපස්වල කලින් මිනීමැරුමට සම්බන්ද ඕ.අයි.සී මහත්තයා තමයි මේ ඉන්නේ. ඒ, ඕ අයි සී මහත්තයා මේකට සම්පූර්ණ අනුග්‍රහය දැක්වූවා”.