බොරැල්ල කැම්බල් පිටිය අවට මාර්ගයන් හි හෙට (10) පෙරවරු 6.00 සිට දහවල් 12.00 දක්වා රථ වාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලිසිය පවසනවා.
ඒ, බොරැල්ල කැම්බල් පිටියේ හෙට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ 70වන සමුළුව හේතුවෙන්.
එබැවින් කැම්බල් පිටිය අවට මාර්ගයන් හි රථ වාහන තදබදයක් ඇති විය හැකි බවයි පොලිසිය සඳහන් කළේ.
ඒ අනුව එම මාර්ග භාවිත කිරීමට අපේක්ෂා කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලිසිය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.