Wednesday, April 17, 2024

General line - 0115112241

ඉතිහාස ගතවන පදක්කමක් දිනූ අනූෂා කියන සංවේදී කතාව (VIDEO)

4409

ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩිකා අනූෂා කොඩිතුවක්කු 21 වන පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළලේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමිකර දී තිබෙනවා. ඒ ඇය සහභාගී වූ කිලෝග්‍රෑම් 45 - 49 බර පන්තියේ බොක්සිං තරගය නියෝජනය කරමින් අද (11) පැවති තරගයෙන්.

ලෝක බොක්සිං ශුරිය වන ඉන්දීය ක්‍රීඩිකා මේරි කොම් සහ අනූෂා කොඩිතුවක්කු අතර‍ පැවති  අවසන් පූර්ව තරගයේ දී මේරි කොම් අවසන් වටයට සුදුසුකම් ලබාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කාත්තා බොක්සිං ක්‍රීඩිකාවක් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළලෙක දී ලබාගත් ප්‍රථම පදක්කම ලෙස මෙය ඉතිහාසයට එක්වනවා.

ජයග්‍රහණයෙන් පසු ඇය nethnews.lk වෙත අදහස් දක්වමින් ඇයගේ අනාගත බොක්සිං දිවිය පිළිබඳ සංවේදී හෙළිදරව්වක් සිදු කළා.

(වීඩියෝව පහතින් දැක්වෙයි)

SHARE

You may also like