Friday, April 19, 2024

General line - 0115112241

සමාජජාල කැළඹූ දැවැන්තයා (VIDEO)

5474

විශ්ව විද්‍යාල උපාධිය හිමිකර ගැනීමෙන් පසු දැවැන්ත (Alligator) කිඹුලකු සමඟ ඡායාරූපවලට පෙනී සිටි සිසුවියක ගැන විදෙස් පවුත් සේවා වාර්තා කරනවා.

මීටර් 4 ක් දිග මෙම දැවැන්තයා සමඟ ඡායාරූපවලට පෙනී සිටින්නේ, Makenzie Alexis Noland නමැති 21 හැවිරිදි ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ විශ්ව විද්‍යාලයේ සිසුවියක්.

ඇය පසුගියදා වනජීවී විද්‍යාව හදාරා ඒ පිළිබඳ විශේෂ උපාධියක් හිමි කරගෙන තිබෙනවා.

වනජීවී නිලධාරියකු වීම තම සිහිනය බවත්, වනජීවී විද්‍යාව පිළිබඳ ලබා ගත් මෙම උපාධියත් සමඟ තමන්ට එම සිහිනය සැබෑ කර ගැනීමට හැකිවනු ඇති බවත් ඇය පවසා තිබෙනවා.

SHARE

You may also like