Thursday, May 9, 2024

General line - 0115112241

මීළඟට අත්අඩංගුවට ගන්න කෙනා ඇමති ජෝන් හෙළි කරයි




හොරු අල්ලන මෙහෙයුම යටතේ මීළඟට අත්අඩංගුවට ගන්නේ කවුරුන්දැයි අමාත්‍ය ජෝන් අමරතුංග අනාවැකියක් පළ කළා.

ඒ, මෙම ආණ්ඩුව විසින් හොරු අල්ලන්නේ නැතැයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරයෙකු මීට පෙර කරන ලදැයි කියන ප‍්‍රකාශයකට ද ප‍්‍රතිචාර දක්වමින්.

අමාත්‍ය ජෝන් අමරතුංග මෙම අනාවැකිය පළ කළේ එක්සත් ජාතික පක්ෂයේ කාන්තා බලමණ්ඩලය බලගැන්වීම සඳහා වත්තල බලගල ප‍්‍රදේශයේ පැවති රැස්වීමකට සහභාගි වෙමින්.

අමාත්‍යවරයා එහිදී දැක්වූ අදහස් පහතින් දැක්වේ.

“පහුගිය කාලේ පුළුවන් තරම් හොරකම් කරලා , දැන් විපක්ෂයට වෙලා කෑගහනවා. දැන් ඒගෝල්ලෝ කියනවා හොරුන්ව අල්ලන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් පාලනය කරන්නේ කියලා.

හොරු අල්ලගෙන යනවා. ඒකා ඒකා අත්අඩංගුවට අරගෙන , උසාවියට ඉදිරිපත් කරලා , හුඟ දෙනෙක් ඉන්නේ ඇප පිට. සාක්ෂි හරියට මෙහෙයවලා නඩුව විභාග කළාට පසුව කාලාන්තරයක් ඔවුන්ට හිරබත් කන්න සිද්ධවෙයි.

ඔය කෑගහන පුද්ගලයා ජනමාධ්‍යට කියලා තිබුණා හොරුන්ව අපි අල්ලන්නේ නැහැ කියලා. ඒ කෑගහන මිනිහා තමයි ඉස්සෙල්ලා අල්ලලා දාන්න යන්නේ ඊලඟට. ඒ පුද්ගලයා තමයි වැඩියෙන්ම මංකොල්ල කාලා තියෙන්නේ. ඒයාට විරුද්දවත් තියෙනවා විශාල චෝදනාවක්. ඒකෙන් බේරෙන්න තමයි ඔක්කොම කරන්නේ”.