Monday, May 20, 2024

General line - 0115112241

ඩයනාගෙන් ගැලවුණු මන්ත්‍රී ධූරය මුජිබර්ට

උදය කුමාර




ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද අහෝසි කිරීමත් සමග ඇය දැරූ සමගි ජනබලවේග ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඔහු ඉකුත් වසරේ සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වුණේ කොළඹ මහනගර සභාවේ පුරපති ධූරයට තරඟවැදීම සඳහායි.

කෙසේවෙතත් අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේ අද පළ කළේ මෙවන් අදහසක්.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.

එමෙන්ම පෙත්සම්කරුට නඩු ගාස්තු ගෙවීමට පියවර ගන්නා ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් වග උත්තරකාර ඩයනා ගමගේට එහිදී නියෝග කළේ. 

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.