Wednesday, May 8, 2024

General line - 0115112241

ත‍්‍රීරෝද රථයක් පැහැරගත් දෙදෙනෙක් මාට්ටු




පානදුර රෝහල ඉදිරිපිටදී පැහැරගැනුණු ත‍්‍රීරෝද රථයක් සැකකරුවන් දෙදෙනෙකු ද සමග මාලිගාවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාර්ග රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් පිරිසකට සැක සිතී මෙම ත‍්‍රීරෝද රථය නතර කර පරීක්ෂා කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

පැහැරගැනීම සිදුව ඇත්තේ පෙරේදා රාත‍්‍රියේයි. ත‍්‍රීරෝද රථයේ හිමිකරු පහරදීමකට ද ලක්ව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඔහු විසින් පැමිණිලි කර තිබුණේ මෝදර සහ මොරටුව යන පොලිස් ස්ථානවලටයි.