බදුල්ල, ඇල්ල හරහා වැල්ලවාය මාර්ගය අද පස්වරු හයේ සිට හෙට උදෑසන හය දක්වා තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
පවතින ධාරානිපාත වර්ෂාව සමඟ එම මාර්ගයේ මලිතගොල්ල කරඳගොල්ල සහ ඒ ආශ්‍රිතව මාර්ගයේ තැනින් තැන පවතින නාය යෑම් අවදානම් තත්ත්වය හේතුවෙන් මහජනතාවගේ ආරක්ෂාව සලකා මෙම තීරණය ගත් බවයි එම මධ්‍යස්ථානය පැවසුවේ.
ඒ අනුව ඇල්ල - වැල්ලවාය මාර්ගය වෙනුවට විකල්ප මාර්ග ලෙස බෙරගල කොස්ලන්ද හරහා වැල්ලවාය මාර්ගය, පස්සර බිබිල හරහා මාර්ගය භාවිතා කරන ලෙසද බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම්දී සිටිනවා.