සමගි ජන බලවේගය සහ එම පක්ෂය සමඟ සන්ධාන ගතව සිටින දේශපාලන නියෝජිතයින් පිරිසක් අද මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයන් සමඟ සාකච්ඡාවක නිරත වුණා.
එලඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙන්ම නාම යෝජනා කැඳවා ඇති පළාත් පාලන ඡන්ද විමසීමේ නාම යෝජනා අහෝසි කිරීමේ ආණ්ඩුවේ සූදානම සම්බන්ධයෙන් එම නියෝජිතයින් එහිදී සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබෙනවා.
සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජේ එල් පීරිස් මාධ්‍ය හමුවේ මේ සම්බන්ධයෙන් කරුණු දැක්වුවා.
සමගි ජන බලවේලගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූවා.