පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කාලගුණ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක නෙත් නිවුස් වෙත පැවසුවේ බෙංගාලබොක්ක අවට ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් එලෙස වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.
අද දිනයේද බොහෝ ප්‍රදේශවලද වැසි ඇතිවිය හැකි බව කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවා.
ඇතැම් ප්‍රදේශවලට වැසි හෙට දිනයෙන් පසු මිලිමීටර් 100 හෝ මිලිමීටර් 150 මට්ටමේ වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර නිකුත් කල නාය යෑම් අනතුරු ඇගවීම් නිවේදනය අද පස්වරු 04 දක්වා දීර්ඝ කළ බවයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ මහාචාර්ය වසන්ත සේනාධීර කියා සිටියේ.