Saturday, February 22, 2025

General line - 0115112241

ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධූරයක්



බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය ලබා ගත් ශ්‍රී ලාංකිකයෙකු එරට ඉප්ස්විච් නගරයේ නගරාධිපති ධූරයට තේරී පත්ව තිබෙනවා. 

කම්කරු පක්ෂය නියෝජනය කරමින් එම නගර සභා වාර්ෂික රැස්වීමේදී පැවැති ඡන්ද විමසීමේදී නගරාධිපති ලෙස ඔහු තෝරා පත්කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

එලංගෝ එලවලකන් නැමැති ඔහු ඉප්ස්විච් නගරාධිපති ලෙස පත්වූ ප්‍රථම හින්දු ජාතිකයාද වනවා. 

පැවැති ඡන්ද විමසීමේදී ඔහුගේ නම යෝජනා කර ඇත්තේ ඉප්ස්විච් නගර සභාවේ ප්‍රධානී නීල් මැක්ඩොනල්ඩ් විසින්. 

එලංගෝ 2014 වසරේ දී ශාන්ත ජෝන්හි කම්කරු මන්ත්‍රීවරයෙකු බවටද පත්වී තිබෙනවා. 

ශ්‍රී ලංකාවේ පැවැති යුද සමයේදී ඔහු මෙරට අතරහැර ඉන්දියාව , උගන්ඩාව සහ රුවන්ඩාව යන රටවලට ගොස් සේවය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ඉන් අනතුරුව 2006 වසරේදී බ්‍රිතාන්‍යයට පැමිණි ඔහු ඉප්ස්විච් නගරයේ පදිංචි වී තිබෙනවා.