සිය ඉල්ලීම්වලට මෙතෙක් විසඳුම් නොලැබීම හේතුවෙන් ලබන 22වනදායින් පසු රජයේ සියලුම රෝහල්වල ඒකාබද්ධ වැඩ වර්ජනයක් සිදුකර බව සෞඛ්‍ය වෘත්තීය සමිති සංගමය පවසනවා.
එහි සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම පැවසුවේ 20වන දින ඌව පළාතේ සහ 21වන දින බස්නාහිර පළාත තුළද පළාත් මට්ටමෙන් වර්ජන ක්‍රියාමාර්ගයේ නිරතවන බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය අප්‍රේල් මස 03 වනදා පැවැත් වූ සාකච්ඡාවේදී ඇතිකල එකඟතාවයන් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම සහ එම එකඟතාවයන් ක්‍රියාත්මක කිරීමේදී 15කට අධික සෞඛ්‍ය කාර්ය මණ්ඩල ප්‍රමාණයක් ඉවත් කොට චක්‍රලේඛ නිකුත් කිරීම හේතුවෙන් ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.
පසුගියදා එම වෘත්තීය ක්‍රියාමාර්ගය උතුරු මැද පළාතෙන් ආරම්භ කළ බවද සෞඛ්‍ය වෘත්තීය සමිති සංගමයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම වැඩිදුරටත් පැවසුවා.
මේ අතර සිය ඉල්ලීම්වලට විසඳුම් ලබා නොදීම හේතුවෙන් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරතවන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමය පවසනවා.
එහි සභාපති නන්දන රණසිංහ පැවසුවේ සියලු ග්‍රාම නිලධාරින් ලබන 27වනදා කොළඹට කැඳවන බවයි.