හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ ලේකම් උපුල් යාපා පොලීසිය හමුවේ පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.
ඒ, කොළඹ, බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෙරගල - හපුතලේ අතර සංචාරක කලාපයේ ඈත දර්ශනය නැරඹීමට බාධා වන අයුරින් මඟ දෙපස ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට යෑමේදී පිරිසක් විසින් රාජකාරියට බාධා කළ බවට පවසමින්.
මාර්ග රක්ෂිත කොටසේ ඇති අනවසර ඉදිකිරීම් දොළහක් කඩා ඉවත් කර ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එම අනවසර ඉදිකිරීම් සිදු කළ පුද්ගලයින්ට දැනුම් දී තිබෙනවා.
ඔවුන් එම අනවසර ඉදිකිරීම් ඉවත් නොකිරීම හේතුවෙන් බැකෝ යන්ත්‍ර ආධාරයෙන් ඒවා ඉවත් කිරීමට යාමේදී එම පිරිස විසින් කලහකාරී ලෙස හැසිරෙමින් රාජකාරියට බාධා කළ බවට හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා ලේකම් පොලීසියට එලෙස පැමිණිලි කර තිබෙනවා.