Saturday, February 22, 2025

General line - 0115112241

ඇල්ල වැල්ලවාය මාර්ගය යළි විවෘත කෙරේ



තාවකාලිකව වසා දමා තිබූ ඇල්ල වැල්ලවාය මාර්ගය අද උදෑසන 06ට යළි විවෘත කෙරුණා.

එම ප්‍රධාන මාර්ගයට ප්‍රදේශ කිහිපයකදී රොන්මඩ සහිත ජලය ගලා ඒම ඉහළ යාම හේතුවෙන්  ඇල්ල - වැල්ලවාය මාර්ගය ඊයේ රාත්‍රි 08 සිට තාවකාලිකව වසා දැමුණා.

අද අලුයම මාර්ගයේ සිදු කළ පරික්ෂාවකින් අනතුරුව යළි ඇල්ල වැල්ලවාය මාර්ගය විවෘත කිරීමට පියවර ගත් බවයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. 

මේ අතර, දිවයිනේ පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් අද දින අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් සියයට වැඩි තද වැසිද අපේක්ෂා කළ හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර පැවසුවේ.