ගංගා ද්‍රෝණි කිහිපයක ඇතැම් ස්ථානවලින් ඉදිරි දින කිහිපය තුළ ගං වතුර තත්ත්වයක් ඇති වීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව එම ගංගා ද්‍රෝණිවල පහත් බිම් ප්‍රදේශවල පදිංචි ජනතාව ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර පැවසුවේ.
ජලාශ කිහිපයක මේ වන විට වාන් දොරටු විවෘත කර ඇති බවත් තවත් ජලාශ බොහෝමයක ජල මට්ටම මේ වන විටත් සියයට 85 ඉක්මවා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.
මේ අතර දිවයිනේ පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් සියයට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර පැවසුවේ.