ජාත්‍යන්තරය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී චීනය දෙබිඩි ක්‍රියාකලාපයක් ගෙන යන බවට අමෙරිකාව චෝදනා කරනවා.
එහිදී අමෙරිකාව විශේෂයෙන් සඳහන් කර ඇත්තේ යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් චීනයේ ක්‍රියාකලාපය සම්බන්ධවයි.
ඒ අනුව අමෙරිකාව පවසන්නේ යුක්‍රේනයට එරෙහි අඛණ්ඩ යුද්ධයේදී චීනය සාධාරණ ලෙස කටයුතු කළ යුතු බවයි.
රුසියාවට සහාය දෙන අතරම චීනයට යුරෝපය සහ අනෙකුත් රටවල් සමඟ වඩා ශක්තිමත් සබඳතා ඇති කර ගත නොහැකි බව ද අමෙරිකාව පවසා තිබෙනවා
එබැවින් චීනයට යුරෝපය සහ අනෙකුත් රටවල් සමඟ යහපත්, තවදුරටත් ශක්තිමත්, ගැඹුරු සබඳතා ඇති කර ගැනීමට අවශ්‍ය නම් දෙබිඩි පිළිවෙත අතහැර දැමිය යුතු බවයි අමෙරිකාව පවසන්නේ.
මෙය හුදෙක් අමෙරිකාවේ ස්ථාවරය පමණක් නොව නේටෝවේ, G7 එකතුවේ සහ යුරෝපා සංගමයේ මතය බව ද අමෙරිකාව අවධාරණය කර තිබෙනවා