ඇෆ්ගනිස්ථානයේ ගෝර් පළාතේ පවතින අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 50 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ තවදුරටත් පුද්ගල මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි.
නිවාස 2,000ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස 4,000කට අර්ධ වශයෙන් හානි වී තිබෙනවා.
එමෙන්ම වෙළඳසැල් 2,000කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යට වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ගමනාගමනයද ඇනහිට තිබෙනවා.
හෙලිකොප්ටරයක් ආධාරයෙන් මළ සිරුරු ගොඩ ගැනීමට උත්සාහ කිරීමේදී ඇති වූ තාක්ෂණික ගැටළුවක් අදාළ ගුවන් යානය කඩා වැටි ඇති බවද විදෙස් මාධ්‍ය පැවසුවා.