Tuesday, March 25, 2025

General line - 0115112241

දිස්ත්‍රික්ක හතකට නායයෑම් අනතුරු ඇගවීම් නිවේදනයක්



දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද අළුයම 03 සිට හෙට අළුයම 03 දක්වා මෙම නායයෑමේ අනතුරු ඇගවීමේ නිවේදනය වලංගු වන බවයි.

ඒ අනුව අදියර 02 යටතේ වන අනතුරු ඇගවීමේ නිවේදනය බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය වෙත නිකුත් කර තිබෙන අතර අදියර 01 යටත් බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දමුල්ල, හපුතලේ, හාලිඇල්ල සහ බදුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරටද මෙම නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනය බලපැවැත්වෙන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

කොළඹ, කළුතර, කෑගල්ල, ගම්පහ, මහනුවර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 33ක් සඳහා අදියර 01 යටතේ වන නායයෑමේ අනතුරු ඇගවීමේ නිවේදනය බලාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් පෙන්නුම් කරන බැවින් මාර්ගයේ ඇති ගස් යට වාහන නතර කිරීමේදී අවදානයෙන් කටයුතු කරන ලෙසයි රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ.

මේ අතර දිවයින සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින පෙර මෝසම් තත්ත්වය නිසා දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි තත්ත්වය තවදුරටත් වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා

ඒ අනුව බස්නාහිර සහ වයඹ පළාත්වල මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි වර්ධනය විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක පැවසුවේ.


ගත වූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැලුනු වර්ෂාපතන ප්‍රමාණයන් සම්බන්ධයෙන්ද මෙහිදී පැහැදිළි කිරීමක් සිදු කෙරුණා.