රණවිරු සේවා අධිකාරිය මඟින් පවත්වාගෙන යන දිස්ත්‍රික් මට්ටමේ රණවිරු සන්සධ සමඟ එක්ව තමන්ගේ ගැටළු රණවිරු සේවා අධිකාර්ය වෙත යොමුකරන ලෙස සියලුම විශ්‍රාමික සහ ආබාධිත රණවිරුවන්ගෙන් රණවිරු සේවා අධිකාරිය ඉල්ලීමක් සිදුකරනවා.
එම අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ පැවසුවේ ඇතැම් විශ්‍රාමික, ආබාධිත සහ මියගිය අයවලුන්ගේ ඥාතින් රණවිරු සන්සධ සමඟ සම්බන්ධතා නොපැවැත්වීම හේතුවෙන් ඔවුන් මුහුණපාන ගැටළු හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි.
සියලුම රණවිරුවන්ගේ ගැටළු දිස්ත්‍රික් නිලධාරින් හරහා රණවිරු සේවා අධිකාරියට යොමු කරන ලෙසයි රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ඉල්ලීමක්ද සිදුකළා.
සියලුම රණවිරුවන්ට සහ රණවිරු පවුල්වල සාමාජිකයන්ට ලබාදිය හැකි උපරිම ගෞරවයද ලබාදෙන ලෙසයි රණවිරු සේවා අධිකාරියේ සභාපති ජනතාවගෙන් ඉල්ලා සිටියේ.