ජාතික රණවිරු දින සැමරුම් උත්සවය පාර්ලිමේන්තු රණවිරු ස්මාර්කය අභියසදී අද පස්වරු 04ට අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.
රණවිරු දිනයට සමගාමීව අද දිනයේ සිට බල පැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරින් පිරිසකට ජනාධිපතිවරයාගේ උපදෙස් මත උසස්වීම් ලබාදී ඇති බවයි ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කළේ.
ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිත්‍ය හා ස්වෙච්ඡා බල සේනාවේ නිලධාරින් 114ක් සහ සෙසසු නිලධාරින් 1,395කට මෙම උසස්වීම පිරිනැමීමට නියමිතව තිබෙනවා.
මේ අතර රණවිරු දින සැමරුම් උත්සවය හේතුවෙන් ඒ ආශ්‍රිත ප්‍රදේශවල අද පස්වරුවේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පැවසූවේ.
ඒ අනුව අද පස්වරු 03 සිට රණවිරු දින සැමරුම් උත්සවය අවසන් වන තෙක් පොල්දූව හන්දියෙන් සහ කියැන්හෑම් හංදියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුල්වීමේ මංතීරුව සහ පිටවීමේ මංතීරුව වසා තැබෙනවා.
එම මාර්ගය වසා තැබෙන කාලය තුළ රාජගිරිය දෙස සිට පන්නිපිටිය දෙසට ගමන් කිරීමට නියමිත රථ වාහන පොල්දූව හන්දියෙන් බත්තරමුල්ල හන්දිය දක්වා පැමිණ දකුණට හැරී පාලම්තුන, පැලවත්ත, තලවතුගොඩ හරහා පන්නිපිටිය දක්වා ගමන් කළ හැකි බවයි පොලීසිය පැවසුවේ.
එමෙන්ම ඇතුල්කෝට්ටේ මාර්ගය ඔස්සේ පිටකෝට්ටේ හංදියෙන් වමට හැරී කිඹුලාවල, තලවතුගොඩ හරහා පන්නිපිටිය දක්වා ද ගමන් කළ හැකියි.