Saturday, February 22, 2025

General line - 0115112241

ගිං ගඟේ ජල මට්ටම  ඉහළට

ලලිත් චාමින්ද



ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග ගිං ගඟේ ජල මට්ටම  ඉහළ යමින් පවතින බව ගිං ගඟ වාරිමාර්ග ඉංජිනේරුවරිය පවසනවා.

ඊයේ(19)දහවල් වන විට ගිං ගඟේ බද්දේගම සහ තවලම ජල මාපකවලට අනුව  ජල මට්ටම ඉහළ යමින් පවතින බවයි ගිං ගඟ වාරිමාර්ග ඉංජිනේරු පියුමි ද සිල්වා පැවසුවේ.

ගිං ගඟේ බද්දේගම ජලමාපකයේ ජල මට්ටම මීටර් 2.34 දක්වා ඉහළ ගොස් තිබූ අතර තවලම ජල මාපකයේ ජල මට්ටම මීටර් 2.37 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග  ගංවතුර තත්වයක් ඇතිවීමේ  තත්වයක් නිර්මාණය වී ඇති බවත් මේ වනතෙක්  සුළු ගංවතුර තත්ත්වයකට පවා ගිංගගේ  ජල මට්ටම ඉහළ ගොස් නොමැති බවයි  ගිංගඟ වාරිමාර්ග ඉංජිනේරුවරිය සඳහන් කර සිටියේ.

ධාරානිපාත වර්ෂාවත් සමග ගිං ගඟ පහළ නිම්නයට අයත් පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇති අතර .ගිං ගඟ පහළ නිම්නයට අයත්  ඕපාත.හෝලුවා ගොඩ.මීපාවල.කුරුන්ද පහළ.වක්වැල්ල.ප්‍රදේශවල පිහිටි එළවළු කොරටු සහ පලා කොටු ජලයෙන් යටවී ඇති බැවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ