සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය සඳහා දින නියම කරමින් ජාතික ජන බලවේගය වෙත ලිපියක් යොමු කළ බව සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර එම ලිපිය ජාතික ජන බලවේගයට යොමුකර තිබෙන අතර එම ලිපියේ සඳහන් වන්නේ දෙපාර්ශවය අතර පළමුව ආර්ථික කමිටු විවාදය පැවැත්විය යුතු බවටයි.
ඒ අනුව මැයි 27, 28, 29, 30 සහ 31 යන දිනයන්හි පහසු දිනයක එම විවාදය පැවැත්වීමට සමගි ජන බලවේගය යෝජනා කර තිබෙනවා.
එමෙන්ම නායකයින් අතර විවාදයට ද සමගි ජන බලවේගය දින වෙන්කර තිබෙනවා.
ජූනි මස 03, 04, 05, 06 හෝ 07 යන දිනයන්වලින් පහසු දිනයක එම විවාදය පැවැත්වීමට සූදානාමින් සිටින බවයි සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය වෙත නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.