නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.
ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක.
පවතින වැසි තත්ත්වයත් සමඟ බස්නාහිර, දකුණ සහ වයඹ පළාතේ ගංඟා රැසක ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර.
මේ අතර ඊයේ රාත්‍රියේ වසා දැමුණු ඇල්ල - වැල්ලවාය මාර්ගය අද උදෑසන යළි විවෘත කර තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු සමන් පාලිත නානායක්කාරගෙන්.