Tuesday, March 25, 2025

General line - 0115112241

පාචනය, ඩෙංගු සහ මී උණ රෝග ඉහළ යෑමේ අවදානමක්



පවතින වැසි තත්ත්වයත් සමඟ ඉදිරියේදී පාචනය, ඩෙංගු සහ මී උණ වැනි රෝග ඉහළ යෑමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ටෙග් සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ පෙන්වා දුන්නේ වර්ෂාව ආරම්භයත් සමඟ ආහාර සහ ජලය සම්බන්ධයෙන් ජනතාව වැඩි අවදානයක් යොමු කිරීම වැදගත් වන බවයි.


මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා රජය විසින් ලබාදෙන ඉන්ධන දීමනාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ක්ෂ්‍රෙත්‍රයේ රාජකාරි සිදුකරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවා අඩාල වී ඇති බවද මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.