අද සහ හෙට දිනය තුළදී අධික වර්ෂාවක් පැවතුනහොත් අත්තනගලු ඔය, කැළණි, කළු, ගින් සහ නිල්වලා ගංඟා ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර පැවසුවේ පැවැති වැසි තත්ත්වය හේතුවෙන් අත්තනගල්ල, බුලත්සිංහල සහ පාලින්ද නුවර යන ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශ ගංවතුර තත්ත්වයන් සම්බන්ධයෙන් අවාදානයෙන් සිටිය යුතු මට්ටමට පැමිණ ඇති බවයි.
අත්තනගල්ල, බුලත්සිංහල සහ පාලින්ද නුවර යන ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශ සහ එම බල ප්‍රදේශ ආසන්නයේ ඇති පහත් බිම්වල ජනතාව ගංවතුර තත්ත්වයන් පිළිබඳ අවදානයෙන් සිටිය යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බැවින් එම ජලාශ ආශ්‍රිතව පහත් බිම්වල ජනතාව ද අවදානයෙන් කටයුතු කළ යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි අද උදෑසන 08.30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ රතු නිවේදනයක දැක්වෙන්නේ.
ඉදිරි කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානයක කරුණු දැක්වූයේ මෙලෙසයි.