අසනීප නිවාඩු වාර්තා කරන බව ප්‍රකාශ වු බහුතර නිලධාරීන් පිරිසක් අද දිනයේ සේවයට වාර්තා කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේවෙතත් ඇතැම් බන්ධනාගාරවල සේවයට වාර්තා කළ නියාමකවරුන්, රැඳවියන් අධිකරණ වලට රැගෙනයාමේ රාජකාරි වලින් ඉවත්ව සිටින බවයි නෙති නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ.
ඒ අනුව කොළඹ පිහිටි මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් අධිකරණ වෙත රැගෙන යාම අද දිනයේ සිදුවන්නේ නැහැ.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිලධාරීන් 120 හා මැගසින් බන්ධනාගාරයේ නිලධාරීන් 70ක් පමණ දිනපතා රැඳවියන් අධිකරණ වෙත රැගෙන යාම සඳහා යොමු කරනු ලබනවා.
බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී පැවසුවේ අද දිනයේ බන්ධනාගාර නියාමකවරුන් එම කටයුතු වලින් ඉවත් වීම නිසා රැඳවියන් ස්කයිප් තාක්ෂණ ඔස්සේ අධිකරණ වෙත ඉදිරිපත් කරන බවයි.
කෙසේවෙතත් වැලිකඩ, මහර ඇතුළු බන්ධනාගාර කිහිපයක සාමාන්‍ය පරිදි රැඳවියන් අධිකරණ වෙත ඉදිරිපත් කර තිබෙනවා.
අධිකරණ රාජකාරිවලින් ඉවත්ව සිටින එම නිලධාරීන් අද දිනය තුළ රාජකාරිවල නිරත නොවුනොත් ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරන බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.