Sunday, February 23, 2025

General line - 0115112241

ඉරාන ජනාධිපතිට සොව පළ කරන්න කොළඹ තානාපති කාර්යාලයට පිරිස ඇදී එයි 

නිරෝෂන් කොළඹ 



හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ ජනාධිපති ඊබ්‍රහම් රාසි මහතාට ශෝකය පළ කිරීම සඳහා කොළඹ ඉරාන තානාපති කාර්යාලය වෙත පිරිස ඇදෙමින් පවතිනවා

කොළඹ බෞද්ධාලෝකමාවතේ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ ධජය අඩ කුඹු කොට තිබෙනවා 

කථානායක මහින්දයා යාපා අබේවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රී  අතුරලියේ රතන හිමි සහ විදේශ තානාපතිවරුන් තානාපති කාර්යාලයේ ඇති ශෝක ප්‍රකාශ කිරීමේ පොතෙහි සටහන් තැබුවා

අද දින සිට දින හතරක් කොළඹ ඉරාන තානාපති කාර්යාලයේදී ශෝක සටහන් තැබීම සිදුකෙරෙනවා

ශ්‍රී ලංකා ඉරාන තානාපති  අලි රීසා ඩෙල්කොෂ් මහතා මෙම අවස්ථාවේදී පිරිස පිළිගනු ලැබුවා