Sunday, February 23, 2025

General line - 0115112241

පකිස්තානයෙන් ඩෙංගු රෝගීන් 5,000 ක්



පකිස්තානයේ බලෝකිස්තාන ප්‍රාන්තයේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා.

එම ප්‍රාන්තයේ ටර්බට් හි ඩෙංගු පැතිරීම හේතුවෙන් ගත වූ මාස 02 තුළ අවම වශයෙන් රෝගීන් 14 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වසරේ ගතවූ කාලය තුළ මැක්‍රාන් කොට්ඨාශයේ කෙච් දිස්ත්‍රික්කයේ පමණක් ඩෙංගු රෝගීන් 5,000 කට අධික පිරිසක් වාර්තා වී තිබෙනවා.

මෙම වසරේ ගතවූ කාලය තුළ බලෝකිස්තාන ප්‍රාන්තයේ පුද්ගලයින් 24,552 දෙනෙකු ඩෙංගු පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් 5,329 දෙනෙකු ඩෙංගු රෝගීන් බව තහවුරු වී තිබෙනවා.

ටර්බට් ප්‍රදේශයේ ගම්මාන රැසක ඩෙංගු ව්‍යාප්ත වී ඇතැයි ද සඳහන්.

පකිස්තාන මාධ්‍ය වාර්තා කරන ලද පරිදි, සැලකිය යුතු මරණ සහ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබියදීත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව Kech දිස්ත්‍රික්කයේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර හෝ රෝගීන් සඳහා ප්‍රමාණවත් ප්‍රතිකාර පහසුකම් ලබා දී නොමැති බව සඳහන්.

දිස්ත්‍රික්කයේ රජයේ සහ පෞද්ගලික රෝහල්වල නිසි පරීක්ෂණ සහ රසායනාගාර පහසුකම් නොමැති වීම හේතුවෙන් රෝගීන් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව ද පකිස්තාන මාධ්‍ය වාර්තා කළා.