Monday, April 14, 2025

General line - 0115112241

ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන ලෙස ඉල්ලා මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

හේරත් ඒකනායක 



සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් ත්‍රෛනිකායක මහානායක ස්වාමින් වහන්සේ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. 

වෙසක් පුන්‍ය මහෝත්සවය නිමිති කර ගනිමින් ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙසයි එම ලිපිය මඟින් ඉල්ලා ඇත්තේ. 

2016 වසරේ කූරගල රජ මහා විහාරස්ථානය සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් කටයුතු කිරීමේ චෝදනාව මත මෙම වසරේ මාර්තු 28වනදා ඥාණසාර හිමියන්ට වසර 04ක සිර දඬුවමක් නියම කෙරුණා.