තද වැසි සමඟ කෙටි කාලයක් තුළ ජලයෙන් යටවිය හැකි කොළඹ නගරයේ ස්ථාන 27ක් හඳුනාගෙන ඇති බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රාණි ජයවර්ධන පවසනවා.
නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඇය කියා සිටියේ කොළඹ නගරයේ ඇල මාර්ග විවිධ හේතුන් මත අවහිර කිරීම මෙම තත්ත්වයට බලපා ඇති බවයි.
කොළඹ නගරයේ ඇල මාර්ග ආශ්‍රිතව පදිංචි වී සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම ඇතුළු විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ මෙම තත්ත්වය පාලනය කිරීමට පියවර ගනිමින් සිටින බවද කොළඹ නාගරික කොමසාරිස් භද්‍රාණි ජයවර්ධන මෙහිදී සඳහන් කළා.
ඊයේ සහ පෙරේදා දිනයේ කොළඹ නගරයට ඇද හැලුණු වර්ෂාපතය හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යටවී තිබුණා.
මාර්ග රැසකම හටගෙන තිබුණේ දැඩි රථ වාහන තදබදයක්.