Tuesday, March 25, 2025

General line - 0115112241

ඉරාන ජනපති වෙනුවෙන් ලංකාවේ අද ශෝක දිනයක්



ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් අද ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පැවසුවේ අද දින සියලු රජයේ ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි.

මේ අතර ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය පිළිබඳව සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සිය ශෝකය පළකර තිබුණා.

එහිදී ජනාධිපතිවරයා පවසා තිබුණේ ඉරාන ජනාධිපතිවරයාගේ ඛේදනීය මරණය සැලවීමෙන් ශ්‍රී ලංකාව දැඩි කම්පනයට සහ ශෝකයට පත් වූ  බවයි.

ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සිය ශෝකය පළකර තිබෙනවා. 

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අභාවය පිළිබඳ තවත් තොරතුරු නෙත් නිවුස් විදෙස් ප්‍රවෘත්ති තුළින් බලාපොරොත්තු වන්න.