පවතින වැසි තත්ත්වය සමඟ ගංඟා කිහිපයක ජල මට්ටම සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව තවත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව කළු ගඟේ මගුර ප්‍රදේශයේ ජල මට්ටම අඩුවෙමින් ඇතත් එහි අවදානම තවමත් පවතින බවයි එහි දැක්වෙන්නේ.
කළු ගගේ මිල්ලකන්ද ප්‍රදේශයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් ඇත්තේ සුළු ගංවතුර තත්ත්වයක් ද මතු කරමින්.
ගිං ගඟේ බද්දේගම ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ යමින් පවතිනවා.
නිල්වලා ගඟේ තල්ගහගොඩ හා පනාදුගම ප්‍රදේශය තවමත් ඇත්තේ අවදානම් තත්ත්වයකයි.
අත්තනගලු ඔයේ සුළු ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවා.