Sunday, February 23, 2025

General line - 0115112241

කළුතර සහ ඇල්ල ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතන දෙකක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක්

සම්පත් කුලරත්න - තුසිත කුමාර



කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ඝාතනය කර තවත් වයස අවුරුදු 08ක දැරියකට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ අසුරුමුණි තස්මින් මදුවන්ත සිල්වා නොහොත් “කලමුල්ල ටෂි” නමැති තිදරු පියෙක්.

කටුකුරුන්ද දුම්රියපොළ පාරේ ඔහු පදිංචි නිවසෙහි දරු තිදෙනා සමග රාත්‍රි ආහාරය ලබා ගනිමින් සිටි අවස්ථාවේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පලාගොස් තිබුණා.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ ඔහුගේ දියණියයි. 

මේ අතර ඇල්ල, නෙදර්වීල්වත්ත ප්‍රදේශයේ පහර දීමකින් පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ පහර දුන් පුද්ගලයා අතර පැවැති ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව තිබුණා.